ශ්‍රීලනිපයෙන් වෙන්ව තරඟ කරන බව නාමල් කියයි

ආණ්ඩුවත් සමඟ අපි මැතිවරණයට යන්නේ නැති බව  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා පැවති උත්සවයකට
එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ ආණ්ඩුව මැතිවරණය ගැසට් එක අත්සන් කරලා ප්‍රින්ට් එකට යවන්න සති දෙකක් ගත්තා.ඇමතිතුමාගේ මේසෙන් පල්ලෙහා කාර්යාලයට එන්න පැය 48ක් ගියා.ඉතින් ඒවත් එක්ක බලනකොට අපිට සාධාරණ සැකයක් තියෙනවා මේ නඩුව දැමීම පිටුපසත් මේ ආණ්ඩුව ඉන්නවද කියලා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ ආණ්ඩුවෙනේ.එක්සත් ජාතික පක්ෂයත් මේ ආණ්ඩුවෙනේ.එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට ජන්දේ දුන්නත් එකයි,එක්සත් ජාතික පක්ෂෙට ජන්දේ දුන්නත් එකයි.මේ දෙගොල්ලොම ආණ්ඩුවේ.එතකොට ආණ්ඩු විරෝධී පිළ කවුද නියෝජනය කරන්නේ?මේ ආණ්ඩුව හිතනවා නම් අපිවත් ඒ ගොඩට අරගෙන අපි ඔක්කොම එක වල්ලේ පොල් කියලා ආණ්ඩුවේ ගොඩට දාලා මැතිවරණය මෙහෙයවන්න.එකටනම් ඉතින් අපි ලෑස්ති නෑ.මේ රටේ ජනතාව  ලෑස්තිත් නෑ.ජනතාව ඉන්නේ අත්තනෝමතික බදු ගහන එකට විරුද්ධව.ජනතාව ඉන්නේ මේ රටේ රාජ්‍ය දේපළ විකිණීමට විරුද්ධව.ඒ හින්දා ඒ ජනතාව ඉන්න පැත්තේ අපි ඉන්නවා.අපි පත් කරපු ජනතාවට අපි හිස නමන්න ඕනේ.”


Previous Post Next Post