"නව ව්‍යවස්‌ථාව එපා" කියා වාහනවල හොරෙන් ස්‌ටිකර් අලවන කල්ලියක්‌

"නව ව්‍යවස්‌ථාව එපා" මැයෙන් රථවාහනවල අවසරයකින් තොරව ස්‌ටිකරයක්‌ අලවන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නීතිය, සාමය හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යාංශය පොලිසියට උපදෙස්‌ දී ඇත.

 යතුරුපැදිවලින් පැමිණෙන පුද්ගලයින්ගෙන් යුතු කුඩා කණ්‌ඩායමක්‌
ප්‍රසිද්ධ ස්‌ථානවල නවතා තිබෙන වාහනවල මේ ස්‌ටිකරයක්‌ අලවන බවට පැමිණිලි රැසක්‌ ලැබීමෙන් පසුව අමාත්‍යාංශය එම උපදෙස්‌ දී තිබේ. කොළඹ හා තදාසන්න නගරවල නවතා තැබෙන වාහන, සුපිරි වෙළෙඳසල්වල රථගාල්වල සහ වෙනත් රථගාල්වල නවතා තිබෙන වාහනවල මෙම ස්‌ටිකරය අලවන බවට වාර්තා වී තිබේ. කෙටි කාලයක්‌ ඇතුළත මෙම ස්‌ටිකර් අලවන පිරිස යතුරුපැදිවලින් පිටව යන බවත්, ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍යාංශය වැඩිදුරටත් උපදෙස්‌ දී ඇත.




Previous Post Next Post