ඇමැති නිමල්ගේ කැමති බඳවා ගැනිල්ලෙන් දුම්රිය පීලිපනියි ?

සේවයේ ස්ථීර නොවූ දුම්රිය සේවකයින් 2,000 ක් පමණ සිටිය දී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් තවත් අනියම් සේවකයින් 500 කට වැඩි පිරිසක් බඳවාගෙන ඇතැයි දුම්රිය වෘත්තීය සමිති චෝදනාකර සිටී.

අදාළ සේවයේ ස්ථිර නොකරන ලද දුම්රිය සේවකයින් පිරිස වසර 4ක
පමණ කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් සේවකයින් ලෙස සේවය කළ අය බවද පැවසේ.

මේ අතර අමාත්‍යවරයා හිතුමතේට තවත් සේවකයින් 210 ක් ස්ථීර කර බඳවා ගැනීමෙන් මේ අර්බුදය තවත් උග්‍රව ඇති බවද වාර්තා වේ.

දුම්රිය සේවයේ වසර 4ක පමණ කාලයක් කටයුතු කළ අනියම් සේවකයින් 468 ක් හා එහි ස්ථිර සේවිකාවන් 140 වෙනත් දෙපාර්තමේන්තුවක් වෙත යොමු කිරීමට අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් සකසමින් සිටින බවටද වෘත්තීය සමිති චෝදනාකර සිටී.

අදාළ වෘත්තීය සිමිති පෙන්වා දෙන්නේ මෙසේ වෙනත් දෙපාර්තමෙන්තුවකට මාරු කිරීමට සූදානම්වන ස්ථිර දුම්රිය සේවිකාවන් අදාළ රැකියාවට සම්බන්ධ වී ඇත්තේ ඔවුන් කරමින් සිටි රැකියාද අත්හැර පැමිණ බැවින් මෙය ඉතා අසාධාරණ තීන්දුවක් බවයි.


Previous Post Next Post