උතුරේ ධීවර කටයුතු උතුරු පළාත් සභාව සියතට ගැනීමට සැරසෙයි

උතුරු මුහුදේ ධීවර කටයුතු සම්පූර්ණයෙන්ම උතුරු පලාත් සභාවේ පාලනය යටතට ගන්නා ලෙස පළාත් ප්‍රධාන අමාත්‍ය සී වි විග්නේෂ්වරන් උතුරු පළාත් කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.

ඒ, යාපනය ධීවර සමිති සම්මේලනය නිලධාරීන් සමග පැවති
සාකච්ඡාවකදීයි.

දකුණේ ධීවරයින් උතුරු මුහුදේ තහනම් ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතුවල යෙදෙන බව උතුරේ ධීවරයින් ප්‍රකාහ කර තිබෙනවා.

එම තත්ත්වය මගහැරවීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි සී වි විග්නේෂ්වරන් උතුරු පළාත් කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය කන්දයියා සිවනේෂ්වරන්ට දැනුම් දී ඇත්තේ.


Previous Post Next Post