සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයඳුම්කරුවන් හය ලක්ෂ 88,573 ක් පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගය ලබන 12 දා සිට 21 වනදා දක්වා පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නව විෂය නිර්දේශය යටතේ අයඳුම්කරුවන් 41,464 දෙනෙකු සහ පැරණි
විෂය නිර්දේශය යටතේ අයඳුම්කරුවන් 14,799 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.

දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 5116 කදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


Previous Post Next Post