ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉදිරි දින කිහිපයේදී ඉන්ධන මිල අඩු කිරීම සඳහා සාකච්චා කර ඇති බව ඛණිජ තෙල් අමාත්‍යංශයේ ඉහල පෙලේ නිලධාරියෙක් කියා සිටියේය.
සංස්ථා ආරංචි මාර්ග සදහන් කරන්නේ විශේෂයෙන්ම මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ඇති ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් ඉදිරි
මැතිවරණය සහ අයවැය ඉලක්ක කර මෙම තීරණය ගෙන ඇති බවයි.
පසුගිය 26වැනිදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පල වූයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය අගෝස්තු මාසයේදී රුපියල් මිලියන 7729 ක්ද සැප්තැම්බර් මාසයේදී රුපියල් 9630ක්ද වූ බවයි.
ඊයේ දිනයේ අමාත්‍යාංශයේ රැස්වූ තොග සමාලෝචන කමිටු රැස්වීමේදීද මේ බව සාකච්ඡා වී ඇත.
ඒඅනුව ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම ඩීසල් සහ පෙට්ට්‍රල් මිල සැලකිය යුතු මට්ටමින් අඩු කිරීමට සාකච්චා කර තිබේ.
Comments by IntenseDebate
Posting anonymously.
ඡන්දය දිනන්න තෙල් මිල විශාල ලෙස අඩු කරන්න සූදානම්..
2017-11-01T08:17:00+05:30
Gossip Lanka Hot News
slide|