ලබන අඟහරුවාදා දක්වා ඉන්ධන හල්වලින් පෙට්‍රල් ලබාදීම සීමාකර තිබේ.
මේ අනුව යතුරුපැදියකට පෙට්‍රල් ලීටර 2ක්ද, ත්‍රීරෝද රථයකට පෙට්‍රල් ලීටර් 3ක්ද, ජීප් හා කාර් රථයකට පෙට්‍රල් ලීටර් 20ක්ද ලබාදීමට තීරණය
කර ඇතැයි වාර්තා වේ.
ලංකා ඉන්දියන් තෙල් සමාගම ඉකුත් 15 වැනිදා මෙරටට ගෙන්වන ලද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40 000 ක නැවක් ප්‍රමිතියෙන් තොර ඒවා බව පවසමින් ගොඩබෑම ප්‍රතික්ෂේපවීම මේ ඉන්ධන අර්බුදයට එක් හේතුවක් වී තිබේ.
ලංකා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වීමට නියමිතව තිබු මෙට්‍රික් ටොන් 30,000 කින් යුත් පෙට්‍රල් නැව ලංකාවට ළඟාවන්නේ ලබන සඳුදා රාත්‍රියේ බවද පැවසේ.
Comments by IntenseDebate
Posting anonymously.
තෙල් සීමා කරයි : සයිකලයට දෙකයි, ත්‍රීවිලයට තුනයි
2017-11-04T14:44:00+05:30
Gossip Lanka Hot News
slide|