පක්ෂ නායක රැස්වීම අද

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවැත්වේ.ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(24) පැවැත්වෙන මෙම රැස්වීම සඳහා ඉන්දීය නිල සංචාරය නිමකර මෙරටට පැමිණෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද  සහභාගිවීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථන ඇමතුම් පිළිබඳ තොරතුරු
ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් මතු කර තිබෙන වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳව මෙම රැස්වීමේදී ප්‍රථමයෙන් ම අවධානය යොමු කෙරෙන බව සභානායක, මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වන ආකාරයට ඉහත තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේදී ගත යුතු පියවර ගැන ආණ්ඩුවේ ස්ථාවරය  ද පක්ෂ නායක රැස්වීමේදී අනාවරණය කරන්නේයැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ලසන්ත වීරකුලසූරිය, ගයාත්‍රි ගීගනආරච්චි




Previous Post Next Post