නැව ආවත් තෙල් දෙන්න පොඩ්ඩක් පරක්කු වෙයි - අමාත්‍යංශ ලේකම්

රටම බලා සිටි ඉන්ධන රැගත් නෞකාව අද (08) රාත‍්‍රියේ දිවයිනට පැමිණියත් එහි ඉන්ධන ජනතාවට ලබා දීමට පෙර විශාල වැඩ කොටසක් සිදු කිරීමට ඇති බව ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි.

ඒ අනුව අදාළ නෞකාව ශ්‍රී ලංකාව ආසන්නයට පැමිණි පසු සිය
නියෝජිතයින් පිරිසක් නැවට ගොස් එහි තෙල් සාම්පල් රැගෙන යළි පැමිණ රසායනාගාර තුළදී පරීක්ෂා කිරීම සිදු කරනු ලැබේ.

ඒ සඳහා පැය 10ක පමණ කාලයක් ගතවෙනු ඇති බවද ඔහු පැවසීය.

කෙසේවෙතත් මෙම නෞකාව පැමිණීමත් සමග දින 5ක් පුරා පවතින පෙට‍්‍රල් හිඟයට සම්පූර්ණයෙන්ම විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මෙම නෞකාව මගින් මෙරටට රැගෙන ඒමට නියමිත ඉන්ධන ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 40,000ක් පමණ වේ.

මෙම නෞකාව තුළ රැගෙන එන ඉන්ධන සාමාන්‍ය පරිභෝජනය යටතේ දින 15කට ප්‍රමාණවත් බවත් එහි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 32750 ක් ඇති බවත් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7500ක් ඇති බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අදාළ නෞකාව අද රාත්‍රි 11.30ට පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද අමාත්‍යාංශය පවසයි.


gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by