ගීතා වෙනුවට පියසේන පාර්ලිමේන්තු එයි..

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කිරීමත් සමග පසුගිය පාර්ලිමේන්තු මැතිවණයේදී ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුවෙන් තරග වැදුනු හිටපු ඇමති පියසේන ගමගේ මහතාට නැවත
වතාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස පත් වීමේ අවස්ථාව උදා වී ඇත.

ගාල්ල දිස්ත‍්‍රික් සන්ධාන මනාප ලයිස්තුවේ මීලගට සිටින්නේ හිටපු ඇමති පියසේන ගමගේ මහතායි.

ගීතා කුමාරසිංහ මහත්මිය ඒකාබද්ද විපක්‍ෂයට පක්‍ෂව කටයුතු කරන අතර පියසේන ගමගේ මහතා ආණ්ඩුවේ ශ‍්‍රීලනිපයට පක්‍ෂව කටයුතු කරන නිසා ඒකාබද්ද විඵක්‍ෂයේ මන්ත‍්‍රී ධුරයක් අඩු වනු ඇත.

ස්විට්සරලන්තයේ හා ශ‍්‍රී ලංකාවේ පුරවැසි භාවයන් දැරුවේ යයි එල්ල වූ ද්විත්ව පුරවැසි චෝදනා මත කුමාරසිංහ මහත්මියගේ මන්ත‍්‍රී ධුරය අහෝස කරනු ලැබ තිබේ.


Previous Post Next Post