ඇලෝසියස්ගේ දුරකතන දත්ත ගත් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක්?

බැඳුම්කර කොමිසමේ නියමය පරිදි අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථනය පරික්ෂා කර දත්ත ලබාගත් පොලිස් නිලධාරීන්ට විරුද්ධව පොලීසියේ ඉහළ නිලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

මේ හේතුවෙන් පරීක්ෂණවලට සම්බන්ධ වූ නිලධාරීන් අපහසුතාවයට
පත්ව සිටින බවත්, මෙමගින් ජනාධිපති කොමිසමට සෘජුවම අභියෝගයක් සිදුකර තිබෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මීට අමතරව අර්ජුන් ඇලෝසියස් විසින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට නිවසක් ලබාදීම සම්බන්ධව සාක්ෂි දුන් අනීතා විජේසූරිය මහත්මියට ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් පොලීසියේ ඉහළ නියෝගයක් මත ඉවත් කර තිබෙන බවද නානායක්කාර මහතා සඳහන් කළේය.




Previous Post Next Post