ජනපති එජාපය හදිසි හමුවක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්‌සත් ජාතික පක්‍ෂය අතර විශේෂ රහස්‌ හමුවක්‌ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පෙරේදා (17 වැනිදා) පවත්වා ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාපයේ කැබිනට්‌ ඇමැතිවරුන් අතර ජනාධිපතිවරයා පවත්වා ඇති මෙම සාකච්ඡාව සඳහා වෙනත් කිසිදු
මන්ත්‍රීවරයකු හෝ ශ්‍රීලනිප ඇමැතිවරයකු සම්බන්ධ කරගෙන නොමැත.

පැයකට ආසන්න කාලයක්‌ පැවැති මෙම සාකච්ඡාවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කර ඇති අතර පළාත් පාලන මැතිවරණයේදී පක්‍ෂ දෙක වෙන වෙනම තරග කිරීම පිළිබඳව මෙහිදී තවදුරටත් අවධානය යොමුවී ඇත.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය මෙන්ම තවත් තීරණාත්මක කරුණු කිහිපයක්‌ පිළිබඳව ද දෙපාර්ශ්වය අතර මෙහිදී සාකච්ඡා පවත්වා ඇති බවත් වාර්තා වෙයි.

2018 ජනාධිපති වැය ශීර්ෂය පිළිබඳව පාර්ලිමේන්තුවේ පෙරේදා (17 වැනිදා) පැවැති අයවැය විවාදයේදී සභාව අමතා කතා කිරීමෙන් පසුව ජනාධිපතිවරයා මෙම හමුවට සහභාගි වී ඇත.

(දිවයින)




Previous Post Next Post