අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබෙන වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දමා ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අද(08) පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ඒවා පහත පරිදි වෙයි,

මුදල් අමාත්‍යංශ මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ අර්තාපල්, ලොකු ලූණු, පරිප්පු, කරවල, පොල්තෙල් සහ
එළවළු තෙල් යන භාණ්ඩ වර්ගවල බදු මෙලෙස පහත දමා ඇති බවයි.

ඒ අනුව අර්තාපල් සහ ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 39 කින් සහ පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 12 කින් අඩුකර තිබේ.

කරවල සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 කින් අඩුකර ඇත.

පොල් තෙල් සහ එළවළු තෙල් සඳහා වන බද්ද රුපියල් 25කින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය ද නිකුත් කළ බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේය.


Previous Post Next Post