අගමැති හෙට ඉන්දියාවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා හෙට  දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. නවදිල්ලියේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡාවන්ට සහභාගී වන වික්‍රමසිංහ මහතා ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම් නාත් කෝවින්ද් මහතා හමුවීමට ද නියමිතය. 23 වන දා නවදිල්ලියේ එරොසිටි හි දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන 5 වන ලෝක
සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට ද වික්‍රමසිංහ මහතා සහභාගී වනු ඇත. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද ශ්‍රී ලංකා දූත පිරිසට අයත් වෙති.



gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by