ඉකුත් පැය 24 තුළ මි.මි.75 ඉක්මවූ තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 2ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කළ බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක සඳහා හෙට (30) පාන්දර 03.00 දක්වා
බල පැවැත්වෙන පරිදි නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන මේ වනවිටත් නිකුත් කර ඇත.
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, පල්ලේගම,ඇල්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර සඳහා අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.
එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනාගෙන ඇති නායයෑමේ අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව අඛණ්ඩව වැසි ලැබුණහොත් දැඩි අවධානයෙන් සිටිය යුතු බව ඔහු පැවසීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ බොහොමයකට ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට මේ දක්වා තද වැසි ඇදහැලෙමින් පවතින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් දම්පත් රත්නායක මහතා පැවසීය.
තද වැසි සමඟ පළාත් දෙකකට අනතුරු ඇගවීමේ නිවේදන
2017-11-29T12:30:00+05:30
Gossip Lanka Hot News
slide|