සුව ඇමැති රාජිත සහ ඉන්දීය සුව ඇමැති අතර හමුවක්.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කළ ක්ෂය රෝගය තුරන් කිරිම පිළිබද ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුලුව රුසියාවේ මොස්කව් නුවර දී පැවැත්විනි. ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා
සහ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය J.P Nadda මහතා අතර සුහද හමුවක් මොස්කව් නුවර දී පැවැත්විනි.

එහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා ඉන්දියාවෙන් ලැබෙන දායකත්වය අගය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට ක්‍රියාත්මක ඉන්දීය ගිලන් රථ සේවාව පිළීබදව ද සාකච්ඡා කරන ලදි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලිමට තවදුරටත් සහයෝගය ලබාදෙන බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ද එක්ව සිටියා ය.

Previous Post Next Post