පැති කුදයට ගොදුරුවීම වළකන්න අලුත් පොත් බෑග් එකක්

“පැති කුදය” රෝගයට පාසල් දරුවන් ගොදුරුවීම වැළැක්වීම සඳහා නව පාසල් පොත් බෑගයක් ලබන වසරේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පාසල් දරුවන් රැගෙන යන පොත් බෑගය බරින් වැඩිවීම හේතුවෙන්
බොහෝ දරුවන් පැති කුදය නමැති රෝගයට ගොදුරු වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් පාසල් සිසුන් සඳහා නව පොත් බෑගයක් හඳුන්වාදිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් විසින් සිදුකර ඇති යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව නිවැරදි පොත් බෑගයක් ලබන වසරේදී හඳුන්වාදීමට බලාපොරෝත්තු වන අතර එමඟින් පාසල් දරුවන් පැති කුදය රෝගයට ගොදුරුවීම වළක්වා ගත හැකි බව අමාත්‍යවරයා පවසයි.

පැති කුදය රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ පාගමනකට ඊයේ කොළඹ දී එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේය.


gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by