සයිබර් අවකාශය හා එක්වන්න රනිල් ඉන්දියාවට යයි

නිල සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

අද(21)  අලුයම 1.10ට පමණ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් අරයා ඉන්දියාවේ බැංග්ලෝර් බලා පිටත්ව ගිය බවයි අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

ඉන්දියාවේ නවදිල්ලිහිදී පැවැත්වෙන පස් වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට
සහභාගීවීම අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

සැමට සයිබර් තිරසර සංවර්ධනය සඳහා ආරක්ෂිත හා පරිපූර්ණ සයිබර් අවකාශයක් යන්න මෙවර ලෝක සයිබර් අවකාශ සමුළුවේ තේමාවයි.

ලබන 23 වන දින නවදිල්ලි එරෝසිටිහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද‍්‍ර මෝදී මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ වීමට නියමිතව තිබේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය තුළ දී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ඉන්දීය ජනාධිපතිවරයා හමුවීමට ද සැලසුම් කර ඇති බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

Previous Post Next Post