ඉන්දියාවේ ගිය අගමැති අද ලෝක සයිබර් අවකාශ සමුළුවට

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ "පස්වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ" සමාරම්භක උත්සවයට සහභාගී වීමට නියමිතව තිබේ.

ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වන
ලෝක සයිබර් අවකාශ සමුළුව නවදිල්ලියේ එරෝසිටි හීදී අද පෙ‍රවරුවේ ආරම්භ වීමට නියමිතය.

ලෝක සයිබර් අවකාශ සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අග්‍රාමත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමත්‍යවරයා  සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැළසුම් කර තිබේ.



Previous Post Next Post