ඇලෝසියස්‌ට කෝල් කළ අයගේ වත්කම් සෙවිය යුතුයි - රන්ජන්

"අර්ජුන ඇලෝසියස්‌ මහතා සමග දුරකථන සංවාද පැවැත්වූ අය ගැන දැන් හෙළි වෙලා. ඔය චෝදනා එල්ල වෙනකාගෙ කාගෙත් වත්කම් දේපළ ගැන සොයන්න ඕනෑ "යෑයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (17 වැනිදා) කියා සිටියේය.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන
ඇලෝසියස්‌ මහතා සමඟ සබඳතා පවත්වමින් දුරකථන සංවාදවල යෙදුණු මැති ඇමැතිවරුන් පිළිබඳව හෙළිවීම සම්බන්ධයෙන්  කළ විමසීමකදී රාමනායක මහතා මේ බව කීය.

මේ මහා පරිමාණ මූල්‍ය වංචා ගැන සොයන්න ඉදිරිපත් වීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්‌තුති වන්ත විය යුතු බවත් මේ සිද්ධියට සම්බන්ධ ආණ්‌ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ දේශපාලනඥයන් සොයාගෙන ඔවුන්ට දඬුවම් දිය යුතු බවත් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

-දිවයින



Previous Post Next Post