අධිකරණයට අපහාස කළ බවට වන නඩුවට රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයට

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මීට සුළු වෙලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ වෙත පැමිණියා.

ඒ අධිකරණයට අපහාස කළ බවට එල්ලවන චොදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනු කර ඇති නඩුවට පෙනීසිටීම සඳහායි.

අද දිනයේ ඊට පෙනී සිටින ලෙස පසුගිය 25 වන දා නඩුව විභාගයට ගත්
අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයාට නොතීසි නිකුත් කෙරුණා.

පෙත්සම එදින විභාගයට ගැනුණේ බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේයි.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ‘සිංහල රාවය’ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීයෙකු වන සුනිල් පෙරේරා විසින් මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා.

කෙසේ වෙතත්, තමාට නොතීසි නොලැබුණු බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පෙර නඩු දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ අනුවයි එය යළි අද විභාගයට ගැනීමට තීරණය කෙරුණේ.


Previous Post Next Post