ටෙලිෆෝන් ටැෆ් කිරීම පෞද්ගලික නිදහසට තර්ජනයක්! - මරික්කාර්

දේශපාලනඥයින්ට දේශපාලනය පමණක් නොව යම්කිසි පෞද්ගලිකත්වයත් පවතින නිසා, ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ දුරකතන ටැෆ් කිරීමට උත්සහයක් පවතීනම් එය ප්‍රජාත්‍රන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝණය කිරීමක් පමණක් නොව පුද්ගල නිදහසට තර්ජනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, හිඹුටු උයන නිවාස
සංකීර්ණයේ නව ළමා ක්‍රීඩාංග‍ණය දුවා දරුවන්ගේ අයිතියට පත් කිරීමට එක්වෙමින්ය.

ඔහු එහිදී මෙසේද සඳහන් කළේය.

''කොප් කමිටුවේ ඉන්න සාමාජිකයින් බැදුම්බර චෝදනාවට ලක්වූ අර්ජුන ඇලෝසියස් එක්ක කෝප්කමිටුවේ කාල සීමාව තුළ දුරකතන සංවාද හා පෞද්ගලික සම්බන්ධකම් තියා ගත්තා නම් ඒක වැරදියි. හැබැයි මේකේ තියෙන භයානක පැත්ත තමයි රාජපක්ෂ ආණ්ඩුව අපි පෙරළෙව්වේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය නිදහස සාමය සුරක්ෂිත කරන්න.

හැබැයි අධිකරණයේ අනුමැතියකින් තොරව ටෙලිෆෝන් ටැප් කරනවානම්, මේක රාජපක්ෂ යුගයට එහා ගිය භීතියක් උපදවන දෙයක්.

රටේ අගමැතිගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ටෙලි‍ෆෝන් ටැප් කරනවානම් වැරදියි. දේශපානඥයින්ටත් පෞද්ගලිකත්වයක් තියෙනවා. දේශපාලන කාරණා කතා කරන්න පුලුවන් පුද්ගලික කාරණා කතා කරන්න පුලුවන්.

ඒ නිසා මෙහෙම ටෙලිෆෝන් ටැෆ් කරනවාම් එය ප්‍රජාත්‍රන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝණය කිරීමක්.

අනෙක් පැත්තෙන් ඇලෝසියස් එක්ක කෝප් කමිටුවේ ඉන්නකම් පරීක්ෂණ කාලය තුළ සම්බන්ධකම් තියා ගත්තානම් ඒක සදාචාරාත්මකව සම්පූර්ණයෙන් වැරදියි '' පැවසීය.


Previous Post Next Post