ඒකාබද්ධය ජාත්‍යන්තරයට ගියොත් පිස්සන් වෙයි

බලය බෙදීමක් අවශ්‍ය නමුත් කිසි විටකත් රට බෙදීමට ඉඩ නොදෙන බවත් ජාත්‍යන්තරයට ගොස් පැමිණිලි කිරීමෙන් අප ගෝත්‍රිකයන් යැයි සිතන බවත්  අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ පෙරේදා (01) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

තමා ද රට වෙනුවෙන් ලේ වැගිර වු අයෙක් බවත් කිසි විටෙකත් රට
බෙදීමකට ඉඩ නොදුන්න ද නිසැකයෙන්ම බලය ජනතාව අතර බෙදී යා යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර බලය බෙදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට ගොස් පැමිණිලි කිරීමෙන් අප ගෝත්‍රිකයන් යැයි සිතන ඇති බවත් එවිට නිසැකයෙන්ම පිස්සන් යැයි සිතන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එක රටක් තුළ එක් නීතියක් තුළ රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් බලය නිසැකයෙන් බෙදී යාම සිදු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් රටේ ජනතාවට අවශ්‍ය වුයේ පැවති පසුගිය ආණ්ඩුවේ නායකයාගේ ක්‍රියාකලාපයට බිය වු නිසා බව ද පැවසු අමාත්‍යවරයා එය ජනතාවට අත්කර දීම පවතින සිය ආණ්ඩුවේ වගකීම බවද වැඩිදුරටත් කියා සිටියේය.





Previous Post Next Post