මේ වසරේ අවසන් මාස 4 සංවර්ධන කටයුතු වෙනුවෙන් 2017 අයවැයෙන් වෙන්කරන ලද මුදල් නොලැබීම නිසා අමාත්‍යංශ ගණනාවක් බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.
දැනට නිමකර ඇති සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙසේ ගෙවිය යුතු
මුදල රුපියල් කෝටි 8800 (බිලියන 88ක්) පමණ වන බවද පැවසේ.
පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මේ සම්බන්ධයෙන් ප්‍රශ්න මතුකර ඇතැයි ද වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයට රුපියල් කෝටි 900ක්, අධ්‍යාපන අමාත්‍යංශයට රුපියල් කෝටි 800ක් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට රුපියල් කෝටි 300ක් ආදී වශයෙන් මේ මුදල් ප්‍රධාන ලෙස ගෙවීමට ඇතැයි පැවසේ.
කෙසේවුවද, මේ මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් පසු කඩින් කඩ මෙකී හිඟ මුදල් ලබාදෙන බව අදාළ අමාත්‍යවරුන්ට මුදල් අමාත්‍යවරයා දැනුම්දී ඇතැයි ද මේ අතර වාර්තා වේ.
වෙන් කළ මුදල් නැතිව අමාත්‍යංශ කිහිපයක් අසීරුවෙන් !
2017-11-25T14:01:00+05:30
Gossip Lanka Hot News
slide|