ශ්‍රීලනිප - ඒකාබද්ධය සමගි කරන සාකච්ඡා තවදුරටත්

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එකට එකතු කිරීමේ සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කණ්ඩායම් දෙක එකතු කිරීම සඳහා දෙපාර්ශ්වයම නිල නොවන
මට්ටමින් සාකච්ඡා කරගෙන යන බවද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.

පළාත් පාලන මැතිවරණයේදී දෙකට බෙදී තරග කළහොත් එමගින් දෙපාර්ශ්වයටම අවාසියක් සිදුවිය හැකි බැවින් අවම කොන්දේසි හෝ එකට එකතු වී මැතිවරණයට තරග කළ යුත බව සාකච්ඡාවලට නිල නොවන මට්ටමින් මැදිහත්ව සිටින දෙපාර්ශ්වයෙන්ම ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස වී තිබේ.

(ලංකාදීප)


Previous Post Next Post