ශ්‍රීලනිපය හා පොහොට්ටුව වෙනවෙනම පෙරමුණු හදයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් පෙරමුණකින් ඊට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පුළුල්
පෙරමුණට එකතුවන පක්ෂ සමග මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවට වාර්තා වේ.

පොදු වැඩපිළිවෙළක් යටතේ ඉදිරිපත් වන්නේ නම් සිවිල් සංවිධානවල සහාය ද ලබා දෙන බව එම සංවිධානවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාට දන්වා ඇති බව සඳහන් වේ.

පොදු එකඟතාවක් අනුව කටයුතු කළහොත් ජාතික ගැටලූව, ව්‍යවස්ථාව, ජාතික විගණන පනත, තොරතුරු පනත, මාධ්‍ය නියාමන කොමිසම ආදියට විසඳුම් ලබා දිය හැකි බව සිවිල් සංවිධාන පෙන්වා දී ඇත.

මහින්දගේ සන්ධානයක් බිහිවෙයි !

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසන්නේ, ඉදිරි පළාත් පාලන මැතිවරණයට පක්‍ෂ කිහිපයක් එක්ව ආණ්ඩු විරෝධී නව පෙරමුණක් යටතේ තරග කරන බවයි.

ආණ්ඩුවේ සිටින ඕනෑම අයෙකුටද මෙම නව පෙරමුණ සදහා එක් විය හැකි යයිද ඔහු සදහන් කරයි.

තමන් විසින් කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීමක් සිදු කර නැතැයිද ඒ මහතා අවධාරණය කරයි.

මහනුවරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.


Previous Post Next Post