ඇමති සුසිල්ට ඩබල් මල පනී… ආණ්ඩුවේම එජාප මන්ත‍්‍රීට පාර්ලිමේන්තුවේදී රෙදි ලිහෙන්න බැණ වදී..(video)

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව ගැන තමන් පසුගියදා කල අදහස් දැක්වීමේදී ඒ සම්බන්දයෙන් උරණ වූ දේශපාලඥයෙක් තමනට එරෙහිව ඉතාම අසත්‍ය චෝදනා නගමින් ප‍්‍රවෘත්ති සාකච්චාවක් කැදවා තිබූ බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම තත්වයන් කිසිවෙකු විසින් හෝ නැවතිය යුතු බවත් නැතොත් තමන්
එන්නේ මඩින් නොව ගොඩින් යයිද ඇමතිවරයා සදහන් කලේය.

එම ප‍්‍රකාශයට ආණ්ඩුව දෙසින්ම බාධා එල්ල වූ අතර ඇමතිවරයා ඉතා තදින් කෝප වී ඔහුට එරෙහිව දැඩිව අදහස් පල කලේය.

ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත් ආණ්ඩුවට එක් වී සිටින්නේ ඔහුගේ පුතා බාල තෙල් නැවක් ගෙන්වා එහි දුෂණ වංචා පරීක්‍ෂණ යට ගසා ගැනීම සදහා බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පසුගියදා මාධ්‍ය හමුවක් කැදවා චෝදනා කලේය.

Previous Post Next Post