හිරුණිකාගේ 6ක් ඇතුළට 1ක් එළියට-හොඳට ඉන්න අවුරුදු 12 කල් දෙයි

2015 වසරේ දී දෙමටගොඩ ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට වරද පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 6 දෙනෙකුට කොළඹ මහඅධිකරණය විසින් සිරදඬුවම් නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා විසින් මෙම
සැකකරුවන්ට බරපතළ වැඩ සහිත වසර 2 සිරදඬුවමක් නියම කර එය වසර 12 කට අත්හිටුවා ඇත.

එහිදී එක් එක් විත්තිකරුවන්ට රුපියල් 32,000 ක දඩයක් නියම කළ අධිකරණය පැහැර ගැනීමට ලක් වු පුද්ගලයාට විත්තිකරුවන් සියලු දෙනා විසින් රුපියල් 2,85,000 ක මුදලක් ගෙවිය යුතු බවට නියම කළේය.

ඒ අතර සිටි එක් අයෙකු පාසල් සිසුවෙකු බැවින් ඔහුට දඩුවම් නොකළ අධිකරණය රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත මුදා හැරීමට තීරණය කර ඇත.

ඔහුගේ ඉදිරි 2 වසර තුළ යහපත් කල් ක්‍රියාවෙන් කටයුතු කළ යුතු බව ද අධිකරණය දන්වා තිබේ.

2015 දෙසැම්බර් 21 දින ඇති වු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ඇතුළු ඇයගේ ආධාරකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පනවා තිබුණි.

නමුත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරද පිළිගෙන නොමැති අතර ඇයට අදාළ නඩු විභාග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බව ද අධිකරණය දැනුම් දී ඇත.




Previous Post Next Post