පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ඉන්දීය කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 231ක ජයග්‍රාහී ඉලක්කය හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නිමා කරන විට 75/7ක් ලෙස ලකුණු රැස්කරගෙන සිටියේය. දසුන් ශානක 6* රංගන හේරත් 0* නොදැවී
පිටියේ රැඳී සිටියහ. මොහොමඩ් සාමි කඩුලු 4ක් හා භුවනේෂ්වර් කුමාර් කඩුලු දෙකක් දවාගත්හ.

ඉන්දියාව පළමු ඉනිම 172/10 

ශ්‍රී ලංකාව පළමු ඉනිම 294/10 

ඉන්දියාව දෙවැනි ඉනිම 352/8 

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 75/7


Previous Post Next Post