අවුකන පිළිමය රැක දෙන්නැයි විහාරාධිපති හිමියෝ වැස්ස වලාහක දෙවියන්ගෙන් අයැදිති- ඇමැති පොරොන්දු පුස් වෙඩි වෙලා

අවුකන බුදුපිළිම වහන්සේගේ ආරක්ෂාව සදහා අකුණු සන්නායකයක් සවි කිරීමට පියවර ගන්නා බවට අමාත්‍යවරයා මාධ්‍ය නිවේදන නිකුත් කොට පුටුවට වී සිටින බවත් මෙතෙක් ඒ සදහා පියවරක් නොගත් බවත් අවුකන රජමහා විහාරාධිපති ශා ස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසති.

ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේ වැස්සෙන් හා අවුවෙන්
අරක්ෂා කිරීම සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝපසුගියදා හෙළිදරව් කරමින් මාධ්‍ය ඔස්සේ බලධාරීන් දැනුවත් කළහ.

එදිනම අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුදිනම විශේෂ කණ්ඩායමක් අවුකනට යවා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දුන් බවයි.

එහෙත් අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ නැවත වරක් මාධ්‍ය කැදවා කියා සිටියේ බුද්ධ ශාසන ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා උන්වහන්සේට දුරකතනයෙන් කතා කොට මෙහි අවධානම ඇමති අකිල විරාජ් මහතාට දැනුම් දුන් බව  පැවසු බවය.

අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ ළමයකු බව පැවසු අයකු පැමිණ තමන් වහන්සේගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ගිය නමුත් මෙතෙක් ගැටළුවට නිසි විසදුමක් නොලැබුණු බැවින් බුද්ධ ප්රතිමාව ආරක්ෂා කරදෙන ලෙස තමන් වැස්ස වලාහක දෙවියන්ගෙන් ඉල්ලා සිටින බව ද පැවසුහ .



Previous Post Next Post