හෙට දුම්රිය වර්ජනයක්

නියමිත වැටුප් තල ලබානොදී පවතින වැටුප අඩුකර දැමීමට එරෙහිව හෙට (08දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 48ක දුම්රිය වැඩවර්ජනයක් සිදුකරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

පවතින වැටුප් විෂමතා විසඳා නියමිත වැටුප් තලවල පිහිටුවන බවට
රජයේ පොරොන්දුවත්, මේවනවිට පවතින මූලික වැටුපත් අඩුකර දමා තිබෙන බවද එම සංගමයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.

මෙම ක්‍රියාමාර්ගයට දුම්රිය රියදුරු පාලකයන්, නියාමකයන්, ස්ථානාධිපතිවරුන් සහභාගීවන බවද පවසා සිටියේය.


Previous Post Next Post