ගීතාට පාර්ලිමේන්තුව තහනම් ! - පියසේන අද දිවුරුම් දෙයි

පියසේන ගමගේ මහතා ගාල්ල දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රිවරයකු ලෙස අද (08දා) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතය.

ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අයිතියක් නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණයට අනුව ඇයට අහිමි වූ මන්ත්‍රි ධුරයට පියසේන මහතා දිවුරුම් දෙයි.

මේ අතර ගීතා කුමාරසිංහ මහත්මියට තවදුරටත් මන්ත්‍රීවරියක ලෙස
පාර්ලිමේන්තුව වෙත පිවිසීම කථානායක කරු ජයසූරිය මහතා විසින් තහනම් කර ඇත.

ද්විත්ව පුරවැසිභාවය දැරීම නිසා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට අනුව කථානායකවරයා ඉහත පියවර ගෙන තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් එම තීන්දුව පෙරේදා (06 දා) සවස පාර්ලිමේන්තුව වෙත ලැබී ඇත. අනතුරුව පාර්ලිමේන්තුව විසින් ඒ පිළිබඳ මැතිවරණ කොමිසමට දන්වා යවා ඇත.

ඒ අනුව ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රී වරප්‍රසාද සහිතව මින් ඉදිරියට පාර්ලිමේන්තුවට පිවිසීම කථානායකවරයා විසින් වළක්‌වා ඇත.





Previous Post Next Post