අයවැයේ වාහන වාසිය මැති ඇමැතිවරුන්ටයි

මෙවර අය - වැය මඟින් සුඛෝපභෝගී වාහනවල මිල ගණන් ඉහළ දැමීමේ වාසිය වක්‍රාකාරව පාර්ලිමේන්තු මැති - ඇමැතිවරුන්ට හිමිවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැබෙන සුඛෝපභෝගී වාහන බලපත්‍ර
වෙනත් පුද්ගලයන්ට විකිණීම හරහා එම වාසිය ඔවුන්ට හිමිවන බව පැවැසූ මහාචාර්යවරයා කියා සිටියේ එබැවින් සුඛෝපභෝගී වාහන මිල ඉහළ දැමීම පිළිබඳව ජනතාව අමන්දානන්දයට පත් නොවිය යුතු බවයි.

බියර් මිල පහළ දැමීමෙන් රටේ විනාශකාරී සංස්කෘතියක් බිහිවන බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සමාජ විද්‍යාත්මක සත්‍යයතාවක් නොමැති බවද මයුර සමරකෝන් මහතා සඳහන් කළේය.

(මව්බිම)


Previous Post Next Post