පාසල් නිල ඇඳුම් වවුචරයට අමතරව.... තවත් වවුචර්පතක්.

පාසල් නිල ඇඳුම් වවුචරයට අමතරව දුෂ්කර හා අතිදුෂ්කර පාසල්වල දරුවන් තුන් ලක්‍ෂයකට පමණ පාවහන් මිලදී ගැනීම සඳහා වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. නිල ඇඳුම් සහ පාවහන් වවුචර්පත් ලක්‍ෂ 45ක්‌ පමණ මුද්‍රණය කෙරෙන අතර දැනට පවතින තත්ත්වය මත එම වවුචර්පත් පාසල් නිවාඩුවට පෙර සිසුන් අතට
පත්කළ හැකිද යන්න ගැටලුවක්‌ බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 15 වැනිදා වන විට සියලුම වවුචර්පත් මුද්‍රණය කර දෙන බවට රජයේ මුද්‍රණාලය කලින් ප්‍රකාශ කර තිබුනත් ඉන් පසු එම දිනය (20) දින දක්‌වා දීර්ඝ කර ගත් බව වාර්තා වේ.

සියලුම වවුචර්පත් ඉදිරි සතිය ඇතුළත නොලැබුණහොත් නිවාඩුවට පෙර වවුචර්පත් සිසුන් අතට පත්කිරීමට නොහැකි වනු ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.



Previous Post Next Post