පුංචි ඡන්දයට මෛත්‍රී - මහින්ද එක්වෙන බව ඇමැති විජිත් කියයි

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දැනුම් දීම සිදුවන ලබන 27 වනදාට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එකට එක්ව ඡන්දයට ඉදිරිපත් වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවයක් ඇති වන බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා මහතා පසුගියදා (19) පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් කමිටුව අමතමිනි.

“මෙතෙක් දික්කසාද වෙලා හිටපු මේ දෙන්න දෙමාල්ලන්ට ඉදිරි පුංචි මඟුල් ගෙදරදී එකතු වෙන්න පුළුවන්. පොදු සතුරා වන එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම අපගේ අරමුණයි. මේ පළාත් පාලන ඡන්දය කොක්කෙන් බැරිනම් කෙක්කෙන් ජයග්‍රහණය කරනවා. මෙවර පවත්වන ඡන්ද ක්‍රමය මටත් තේරෙන්නේ නෑ. මේ ඡන්ද ක්‍රමයෙන් වංගු දාන්න පුළුවන්. මේ බෙදීම ගැටළුවක් කර ගන්න එපා. අප්පච්චි මලෝ කියල මඩ ගහපු පිරිස තමයි මේ එකඟතාවයට අකුල් හෙලන්නේ. අද ඒකාබද්ධයට මල බද්දය හැදිලා. ජේ.ආර් ට, චන්ද්‍රිකාට, මහින්දට, මේ රටේ දෙවරක් ජනාධිපති වෙන්න පුළුවන් නම් ගමෙන් බිහිවුණු ගොවියෙකුගේ පුතෙකු වන මෛත්‍රීපාල සිරිසේනට දෙවතාවක් ජනාධිපති වෙන්න බැරි ඇයි?”


Previous Post Next Post