යාල වනෝද්‍යානය සංචාරක හෝටල්වලට බදු දෙයි..

යාල වනෝද්‍යානය තුළ සංචාරක හෝටල් ඉදි කිරීමට ඉඩ ලබාදීමට රජය විසින් ගෙන ඇති තීන්දුවට අප්‍රසාදය පළ කරන බව ගැබෙක් ශ‍්‍රී ලංකා ආයතනය පවසයි.

රජය විසින් ගෙන ඇති මෙම තීරණය සිංහරාජ, දුම්බර වනපෙත වැනි
පාරිසරික සංවේදී පරිසර කලාපවලටද හානිකර පූර්වාදර්ශයක් විය හැකි යයිද ආයතනයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා සදහන් කරයි.

පරිසර සංවේදී කලාප තුළ තිරසාර සංරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තිබියදී සිංහරාජය, දුම්බර, යාල වැනි පරිසර සංවේදී කලාප සංචාරක හෝටල් හෝ ජනාවාස ඉදි කිරීම නොකළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

යාල වනෝද්‍යානය තුළ යම් ප්‍රමාණයක් බදු දීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කර තිබෙන බවත් මේ ආකාරයෙන් ඉඩම් බදු දීමෙන් යාල වනෝද්‍යානයේ සංරක්ෂණ කටයුතු වලට බාධා සිදු වන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.


Previous Post Next Post