ජනාධිපති පොදු සමා කාලය යටතේ සිරකරුවන් 500කට ආසන්න පිරිසක් නත්තල වෙනුවෙන් නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ ඊට අදාළ
නිර්ණායක සියලු බන්ධනාගාරවලට යොමුකර ඇති බවයි.
සුළු වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූවන්, දඩ මුදල් ගෙවා ගත නොහැකිවූවන්, අවුරුදු 70 ඉක්ම වූ රැඳවියන් මෙන්ම දඬුවම් කාලයෙන් වසරකට දින 07 බැගින් ගෙවී යන පරිදි දඬුවම් කාලය අඩු කළ රැඳවියන් පිරිසකට මෙසේ නිදහස ලැබෙනවා.
මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින රැඳවියන්ට ජනාධිපති පොදු සමාව හිමි වන්නේ නැහැ.
Comments by IntenseDebate
Posting anonymously.
සිරකරුවන් 500කට නිදහස
2017-12-23T12:22:00+05:30
Gossip Lanka Hot News
slide|