බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව අද කොළඹ දී ආරම්භ වනවා.
මේ සඳහා රටවල් හතක නියෝජිතයින් සහභාගී වීමට නියමිතයි.
දිළිදුකම පිටුදැකීම සඳහා වන බිම්ස්ටෙක් සමුළුවේ මෙවර
පැවැත්වෙන්නේ තුන්වන සැසිවාරය වන අතර, අමාත්‍යවරුන්ගේ සමුළුව හෙට දිනයේ පැවැත්වෙනවා.
මේ අතර බිම්ස්ටෙක් සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.සයිදුල් ඉස්ලාම් මහතා ඊයේ දිනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.
බිම්ස්ටෙක් සමුළුව අද කොළඹදී
2017-12-19T15:43:00+05:30
Gossip Lanka Hot News
slide|