මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්‍ෂණය කරය ලද විශේෂ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාට බාර දීමට තව දුරටත් කල් යනු ඇති බව වාර්තා වෙයි.
කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරන්නේ එහි අවසන් වාර්තාව
වෙනුවට සංක්‍ෂිප්ත වාර්තාවක් ජනාධිතිවරයාට බාර දීම සම්බන්දයෙන් අවධානය යොමු කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම කොමිසමේ නිල කාලය අනිද්දා දිනයෙන් අවසන් වීමට නියමිත වුවත් තව දුරටත් කාලය දිගු කරන්නැයි ඉල්ලීමක්ද කර නැත.
මේ අතර මෙම කොමිසන් සභා වාර්තාව නියමිත දිනට ඉදිරිපත් නොවුවහොත් ඊට දේශපාලන අත ගැසීමක් ඇති බව පැහැදිලි වන බව විපක්‍ෂය විසින් චෝදනා කරයි.
Comments by IntenseDebate
Posting anonymously.
බැඳුම්කර අවසන් වාර්තාව කල්යන ලකුණු !
2017-12-29T10:08:00+05:30
Gossip Lanka Hot News