උපවාසයේ නිරත විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අද විශේෂ රැස්වීමක් විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ පැවැත්වේ.
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් වෘත්තීය සමිති එහි මුලස්ථානය ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට අදට දින 4කි.
ඔවුන් මෙම උපවාසයේ නිරත වන්නේ පාලන අධිකාරියට පමාන්ක් අත්තනෝමතික ලෙස වැටුප් වැඩි කිරීම, සේවකයින්ගේ වෛද්‍ය සහ
ප්‍රසාද දීමනා කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමිනි.
තම ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් වර්ජන ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව ලංකා විදුලි සේවක සංගමය ඊයේ (13) ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් අද පැවැත්වෙන සාකච්ජාවේදී ඊට විසඳුමක් ලැබෙනු ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
විදුලි බල සේවක උපවාසය අඛණ්ඩව - අද විශේෂ සාකච්ඡාවක්
2017-12-14T13:34:00+05:30
Gossip Lanka Hot News
slide|