ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ‘එක්වෙමු දූෂණය හා අල්ලසට එරෙහිව නැගී සිටිමු’ යන්නයි.
ලොව පුරා ඉහළ යන අල්ලස් හා දූෂණ, මර්දනය කිරීම සඳහා සමාජ අවදානය යොමු කිරීමේ අරමුණෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් මෙම දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඒ අනුව 2003 වසරේ සම්මත කර ගත් මෙම දිනය 2005 වසරේ සිට ලොව පුරා සමරනු ලබනවා.
වසරකට අල්ලස් හේතුවෙන් ලොව පුරා අමෙරිකානු ඩොලර් ටි්‍රලියනයක් අහිමි වන අතර දූෂණ ක්‍රියා හේතුවෙන් තවත් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.6 ක් අහිමිවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.
අල්ලස හා දූෂණයට එරෙහිව ශ්‍රි ලාංකිකයින් පෙලගැස්වීම සඳහා විශේෂ වැඩසටහනක් අද ක්‍රියාත්මකයි.
ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය අදයි
2017-12-09T15:47:00+05:30
Gossip Lanka Hot News
slide|