ඩෙංගු රෝගීන් 1,77,000ක් වාර්තා වෙයි

වසරේ මේ දක්වා කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් එක් ලක්‍ෂ හැත්තෑ හත්දහස් හාරසිය විසි තුන් දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

පසුගිය වසරට සාපේක්‍ෂව රෝගීන් එක්ලක්‍ෂ විසි දෙදහස් දෙසිය හැත්තෑ
තුනක ප්‍රමාණයක ඉහළ යාමක් මේ වසරේ දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ දෙසැම්බර් මාසයේ වාර්තා වී ඇති මුළු රෝගීන් ගණන 2,534 ක්.

මහජනතාවගේ දැඩි සැලකිලිමත්භාවය තුළින් ඩෙංගු රෝගය බෝවීම අවම කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළා.

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති කාර්යය මණ්ඩල හිඟය පිරවීම සඳහා විධිමත් සැලැස්මක් සකස් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.


gossip lanka