පොහොට්ටුවේ හා ශ්‍රීලනිපයේ නාමයෝජනා 08ක් ප්‍රතික්ෂේපයි !

මහරගම නගර සභාව, බදුල්ල ප්‍රාදේශීය සභාව, මහියංගණය ප්‍රාදේශීය සභාව, පානදුර නගර සභාව, අගලවත්ත ප්‍රාදේශීය සභාව හා වැලිගම නගර සභාව යන පළාත් පාලන ආයතන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ශේපවී තිබේ.

ස්ත්‍රී - පුරුෂ භාවය නිසි පරිදි සදහන් නොවීම හේතුවෙන් මහරගම නගර
සභාව සදහා ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇති බව කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා පැවසීය.

වැලිගම නගර සභාව සදහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙන්නේ අදාල දිස්ත්‍රික්කය සදහා පක්ෂය විසින් නම් කරන ලද බලයලත් නිලධාරියා අදාළ නාමයෝජනාව භාර නොදීම හේතුවෙනි.

මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍ර දෙකක් ප්‍රතික්ෂේප වී තිබේ.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව හා පදියතලාව ප්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති පළාත් පාලන ආයතන වේ.

පළාත් පාලන ආයතන 93 අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීම බ්‍රහස්පතින්දා (දෙසැ 14) දහවල් 12.00 අවසන් විය.

සෙසු පළාත් පාලන ආයතන 248 නාම යෝජනා පත්‍ර භාර ගැනීම ජනවාරි 18 සිට 21 වැනිදා දහවල් 12.00 දක්වා සිදුවනු ඇත.

මූලාශ්‍රය - බීබීසී සංදේශය


gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by