ජනාධිපති මැතිවරණ නීති උල්ලංඝණය කරලා !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන බවට ස්වාධීන මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

විද්යුත් තැපෑල මගින් මැතිවරණ මහලේකම් කාර්යාලයට ලිපියක්
යොමුකරමින් ඔහු එබව සඳහන් කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය මැතිවරණ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඔහු විසින් අද දින යොමුකර ඇති එම ලිපියේ මෙසේ සඳහන්වේ.

මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් !

මේ සමග යොමු කෙරෙන ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂය සහිත ලිපියෙන් ඉතා නිරවුල්ව හෙළි කෙරෙන අයුරු, ශ්‍රී.ල.නි.පයේ සභාපති ධූරය වෙනුවෙන් ඉටු කළ යුතු මැතිවරණ කටයුතු සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති ලේකම් කාර්යාලය යොදා ගන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයේ තරග වදින දේශපාලන පක්ෂයක් වන අතර එහි ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මැතිවරණ ප්‍රචාරක කටයුත්තකි.

ඒ වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද දින (දෙසැම්බර 28 වන දින) උදය වරුවේ පැවති මැතිවරණ ප්‍රචාරක උත්සවය සඳහා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සනත් වීරසූරියගේ අත්සනින් ආරාධනා ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ සහිතව නිකුත් කර ඇත.

මෙය සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ජනාධිපති රාජ්‍ය ආයතනයක් යොදා ගැනීමකි.

ඒ සමග මතුවන අනෙක් බරපතල කාරණාව වනුයේ මෙම උත්සවය වෙනුවෙන් මුදල් ප්‍රතිපාදනය කොතැනින් සිදුවූයේද යන්නය. එවගේම අද උදය වරුවේ මෙම උත්සවය සජීවීව ජාතික රූපවාහිනිය මගින් විකාශනය කෙරුණු බවද දැන ගන්නට ඇත.

එබැවින්,
1. ජනාධිපති ලේකම් කාර්යාලය මැතිවරණ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් යොදා ගැනීම
2. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා ගාස්තුව සහ එම උත්සවය වෙනුවෙන් සිදු කළ අනෙක් වියදම් පිළිබඳව වහා පරීක්ෂණයක් පැවැත්වීම
3. ජාතික රූපවාහිනිය එම මැතිවරණ ප්‍රචාරක කාර්ය සඳහා යොදා ගැනීම
යන කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වහා පියවර ගත යුතු වන්නේය.

එකී පියවර පිළිබඳව නොපමාව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන මෙන්ද මෙයින් ඉල්ලමි.''

ජනාධිපති කාර්යාල ශීර්ෂය යටතේ යොමුකළ ලිපිය මෙන්න

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by