නීති විරෝධී ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයන් 25 දෙනකු පමණ මේ වන විට පළාත් පාලන ඡන්දයට නාම යෝජනා භාරදී ඇති බවට තොරතුරු වාර්තා වන බව පැෆරල් සංවිධාන පවසයි.
මෙම පුද්ගලයන් ගැන විමර්ශනයක් සිදුකොට එම පුද්ගලයන් කවුරුන්ද යන්න ඉදිරියේදී ජනතාවට හෙළි කිරීමට බලාපොරොත්තු වන බවත් මත්කුඩු, මත්ද්‍රව්‍ය, කසිප්පු, වැලි, පස්, මූල්‍ය වංචා, සූදු වැනි නීති විරෝධී
ක්‍රියාවලට මෙම පුද්ගලයන් 25 දෙනා ඍජුවම සම්බන්ධ බවට චෝදනා එල්ලවී තිබෙන බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.
මෙම පුද්ගලයන් නීතියෙන් දඬුවම් ලබා තිබෙනවාද යන්න සොයා බලා ඔවුන්ට එරෙහිව නඩු පවරන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසී ය.
මේ අතර නාමයෝජනා භාර ගැනීමේ කාලසීමාව තුළ පමණක් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා 09ක් පොලිසියට වාර්තා වී ඇත.
ඒ අනුව පහරදී තුවාල සිදුකිරීම් 1 ක්, තර්ජනය කිරීම් 2 ක්, නාමයෝජනා ලැයිස්‌තු පැහැර ගැනීම් 1 ක්, ව්‍යාජ අත්සන් යොදා ඡන්ද නාම ලේඛන සැකසීම් 1 ක්, පෝස්‌ටර් කටවුට්‌වලට හානි කිරීම් 2 ක්, ද්‍රව්‍ය හා උපකරණ බෙදාදීම සහ සූදානම් කර තැබීම 2 ක් ද වශයෙන් පොලිසියට පැමිණිලි ලැබී ඇත.
මේ අතර ජනතාවට බෙදීදාමට සූදානම් කර තිබූ පොල්පැළ 600 ක් පානම පොලිසිය මගින් පොලිස් භාරයට ගෙන තිබේ.
පාතාලයන් ජාවාරම්කරුවන් 25ක් ඡන්ද සටනේ
2017-12-22T13:09:00+05:30
Gossip Lanka Hot News
slide|