පක්ෂ ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ තවත් කරුණු කිහිපයක්
සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.
පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ජාව අද පැවැත්වෙන අතර, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ තේරීම් භාර නිලධාරීන්වරුන් සමඟ සාකච්ඡාව හෙට දිනයේ පැවැත්වෙන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ.
මේ අතර, පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් 10%කට ජාතික හැඳූනුම්පත නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ජාවකට එක් වෙමින්.
මේ අතර, ඇතැම් ක්ෂේත්‍ර නිලධාරීන් සිය බලය භාවිත කරමින් දේශපාලන ප්රතිරූප ගොඩනැගීමට උත්සාහ දරමින් සිටින බව පැෆරල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ එම තත්ත්වය පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කළ බවයි
පක්ෂ ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මැතිවරණ කොමිසමට
2017-12-27T08:07:00+05:30
Gossip Lanka Hot News
slide|