පළාත් පාලන මැතිවරණයට අදාළව සියලූම ප්‍රචාරක කටයුතු පෙබරවාරි 7 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බවයි ඔහු එහිදී සඳහන් කළේ.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ දිනය සඳහන් ගැසට් නිවේදනය අද නිකුත් කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් මහතා කියා සිටියා.
මැතිවරණ ප්‍රචාරක කටයුතු පෙබරවාරි 7 මධ්‍යම රාත්‍රියෙන් අවසන්
2017-12-26T16:22:00+05:30
Gossip Lanka Hot News
slide|