උප්පැන්න සහතික නැතත් හැඳුම්පත් ගන්න විශේෂ ක්‍රමයක්

මැතිවරණ නාමලේඛනයේ නම සඳහන් එහෙත් ජාතික හැදුනුම්පත් නොමැති ලක්ෂ 03කට ආසන්න පිරිසක් සිටින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානා ගුණතිලක මහතා සඳහන් කරන්නේ හැදුනුම්පත ලබාගන්නා අවස්ථාවේ උප්පැන්න
සහතිකය ඇතුළු අත්‍යවශ්‍ය  ලියකියවිලි ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඔවුන්ට ජාතික හැදුනුම්පත ලබාගැනීමේ අවස්ථාව අහිමි වන බවයි.

ඒ අනුව උප්පැන්න සහතිකය නොමැතිව උවද හැදුනුම්පත ලබාගැනීමට විශේෂ ආකෘති පත්‍රයක් සකස් කර ඇති බවත් ඒ සඳහා සිය පෞද්ගලික තොරතුරුවලට අමතරව හැදුනුම්පත් සහිත ඥාතීන් තිදෙනෙකුගේ සහ තමා ජීවත් වන ප්‍රදේශයේ හැදුනුම්පත් සහිත පුද්ගලයින් තිදෙනෙකුගේ තොරතුරු ඇතුළත් කිරීමට අවශ්‍ය බව ඔහු පවසයි.

මීට අමතරව දිවුරුම් පෙත්සමක්ද අවශ්‍ය බව වියානා ගුණතිලක මහතා සඳහන් කරයි.

මෙම කටයුතු සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක්ද පිහිටුවා ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.


gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by