මෙරට තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදිම සදහා විදේශ රුකියා අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව ජපන් භාෂා ප්‍රවීනතා සාමාන්‍ය මට්ටම සමත් හෝ ඒ පිළිබඳ හදාරා ඇති වයස අවුරුදු 18 - 30ත් අතර ලාංකික තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකියි.
විදේශ රැකියා අමාත්‍යාංශය සදහන් කළේ ඒ යටතේ සාත්තු සේවිකා සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිව ඇති බවයි.
මේ සදහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කටයුතු අද සහ හෙට යන දෙදින තුල කාර්යාංශ ශ්‍රවණාගාරයේදී සිදුකිරීමට නියමිතයි.
අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන හා පළපුරුද්ද සනාත කළ හැකි ලේඛන රැගෙන පැමිණෙන ලෙස ද එම කාර්්‍යාංශය ජපාන රැකියා අපේක්ෂකයින්ට දැනුම්දී සිටිනවා.
භාෂා ප්‍රවීනතාව මත ආණ්ඩුව හරහා ජපන් රැකියා
2017-12-21T08:19:00+05:30
Gossip Lanka Hot News
slide|