කොට්ටාව, රුක්මලේ, බාලිකා නිවාස පාරේ නිවසක දී ඝාතනයට ලක් වූ රූමත් රූපලාවන්‍ය ශිල්පිනියගේ මරණයට හේතුව හිසට, මොළයට, පපුවට එල්ල කරන ලද වෙඩි ප්‍රහාර නිසා වූ බරපතල තුවාල බවත්, එය මනුෂ්‍ය ඝාතනයක්බවත් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ
අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය සිදු කරළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත.
එම පශ්චාත් මරණ පරීක්ෂණය පැය 05කට ආසන්න කාලයක් සිදු කර ඇතැයි වාර්තා වේ. එහි දී අනාවරණය වූයේ ඇගේ හිස, ගෙළ ප්‍රදේශයට, පපු ප්‍රදේශයට හා පාදයකට වෙඩි ප්‍රහාර 07ක් එල්ල වී ඇති බවයි.
පසුගිය 30 වැනි දා රාත්‍රි 08.40 ට පමණ එලෙස ඝාතනයට ලක් වී තිබුණේ එගොඩවතුකාරිගේ මංජුලා සඳුනි අබේරත්න (42) නමැති දෙදරු මවකි.
මෙම ඝාතනය සිදු වූ දින ඇය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට සහභාගි වී කොට්ටාව පදිංචි සිය සැමියාගේ නිවසට ගොස් ඇත. ඇය එහි දී එම ඉරණමට මුහුණ දී තිබේ.
එදින ඇය එම නිවසට ගොස් පස්වරුවේ කොට්ටාවේ පිහිටි සුපිරි වෙළෙඳසලකින් භාණ්ඩ රැගෙනවිත් ඇතැයි ද පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීමේ දී පිස්තෝලකරුවන් තම පිස්තෝලවලින් උණ්ඩ 14ක් එම රූපලාවන්‍ය ශිල්පිණියට එල්ල කර තිබුණ ද ඇයගේ ශරීරයට එල්ල වී තිබුණේ උණ්ඩ 07ක් පමණි. අනෙක් උණ්ඩ නිවසේ ටයිල් මතට වැදී තිබූ බව පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ රූපලාවන්‍ය ශිල්පිණිය පසුගිය දා කළුතර දී බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පාතාලයේ “සමයං” නමැති පුද්ගලයා සමග සමීප සබඳතා පැවැත් වූ කාන්තාවක් බවට අනාවරණ වී ඇත බව ද පොලීසිය සඳහන් කරයි.
පාතාල නායකයකුවන “අංගොඩ ලොක්කා”ගේ සගයින් විසින් මෙම රූපලාවන්‍ය ශිල්පිනිය ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
එවකට රක්ෂිත බන්ධනාගාරගත ව සිටි පාතාලයේ “සමයං” නමැත්තාට රහසිගත තොරතුරු ඝාතනයට ලක් වූ රූපලාවන්‍ය ශිල්පිනිය විසින් ලබා දී ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.
2017/01/17 වැනි දා මෙම රූපලාවන්‍ය ශිල්පිනියට අයත් අතුරුගිරියේ පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළ “අංගොඩ ලොක්කා”ගේ ගෝලයකුවූ ටනිල් බණ්ඩාර හෙවත් “බණ්ඩා” නමැති පාතාල සාමාජිකයාව නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබිණ.
පාතාලයෙන් වෙඩි කා මියගිය රූපලාවන්‍ය ශිල්පිණියගේ මරණය ගැන සියලු තොරතුරු හෙළි වෙයි
2017-12-04T12:34:00+05:30
Gossip Lanka Hot News